මෙරටට පමණක් ආවේණික වූ ඖෂධ ශාකයක් ලෙසට සැලකෙන කොකුම්පොතු කිලෝ පනහක් සමග සැකකරුවන් තිදෙනෙකු බගවන්තලාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව මහඑළිය රක්ෂිතයෙන් කැපූ කොකුම්පොතු මෙලෙස රැගෙන යමින් සිටි බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.
රූපලාවන්‍ය නිෂ්පාදන සදහා මෙම කොකුම්පොතු අළෙවි කිරීම සදහා කපා ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන්.