දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බව කියන ආධුනික කැඩෙට් නිලධාරියාගේ දේහය කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත භාරදී තිබෙනවා.
ඉකුත් සදුදා ඔහුගේ දේහය ගොඩගනු ලැබුවේ වැලිවේරිය සුසාන භූමියේදීයි.
දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ලහිරු රන්ජන් ප්‍රනාන්දු නම් වූ මෙම ආධුනික කැඩෙට් නිලධාරියා 2015 වසරේ හත්වන මස 22 වනදා ජීවිතක්ෂයට පත් වුණා.
ඔහු ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන ඇති බවටයි මුලින් ප්‍රකාශ වුණේ.
එහෙත් මරණය සැක සහිත බවට ඥාතීන් කළ පැමිණිල්ලකට අනුවයි අධිකරණ නියෝග මත ඔහුගේ සිරුර ගොඩගනු ලැබුවේ.