Tuesday, December 24, 2024

General line - 0115112241

බරපතල පීඩනයක් තිබෙනවා ඒත් යන්නේ නෑ!




දේශපාලනික වශයෙන් බරපතල පීඩනයක් තිබුණද ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා සදහන් කළේ ආණ්ඩුව පිහිටුවීම සදහා තමන් දැඩි පරිශ‍්‍රමයක් දැරූ බවයි.

එහෙත් ඇතැම් වරප‍්‍රසාද එක් කොටසකට පමණක් හිමිවීම කණගාටුවට කරුණක් බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ.

ඉකුත් ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තමන් කැපවී කටයුතු කළ බවත් ඔහුට විරුද්ධව කටයුතු කළ තිදෛනෙකුට මේ වනවිට අමාත්‍ය ධුර හිමිවී ඇති බවත් කුරුණෑගල ඊයේ පැවති උත්සවයකදි තුෂාර ඉදුනිල් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා. කෙසේවෙතත් මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් සියලූ දෙනා කැපවිය යුතු බවයි මන්තී‍්‍රවරයා අවධාරණය කළේ.