Tuesday, December 24, 2024

General line - 0115112241

‘සමයං’’ ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ගාල්ලේදී අත්අඩංගුවට




පාතාල නායක ‘‘ සමයං ’’ ඇතුළු හත් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි පැවසුවේ ඝාතකයන්ට නවාතැන් පහසුකම් ලබාදීමේ චෝදනාව යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි. ඇය ගාල්ල වලහන්ව ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. 

අදාළ වෙඩි තැබීමේ සිද්ධියට පසු ඝාතනයට සම්බන්ධ වූ සැකකරුවෙකු මෙම කාන්තාවගේ නිවසේ දින කිහිපයක් රැදී සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා. 

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන පුද්ගලයෙකුද පානදුර, පිංවත්ත ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ අධීක්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 5 ක් සිද්ධිය පිළිබද විමර්ශන මෙහෙය වනවා. 

ඊට අමතරව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සිද්ධියට සම්බන්ධ සියලූ සැකකරුවන් මේ වනවිට හදුනාගෙන ඇති අතර ඔවුන් තමන් පදිංචි ප‍්‍රදේශවලින් පලාගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා. 

සැකකරුවන් විදෙස් රටකට පලායාම වැළැක්වීම සදහාද ගුවන් තොටුපොල ආරක්‍ෂාව දැඩි කර ඇති බවයි පොලිසිය අවධාරණය කළේ.