Friday, September 20, 2024

General line - 0115112241

චේ ගුවේරා මොරගහහේනේ සිටවූ  මැහෝගනී ගසත් කැපීමට ගිය හතර දෙනා 




වසර හැට දෙකකට පෙර චේ  ගුවේරා විසින් රෝපණය කරන ලද මැහෝගනි ගස ඇතුළු වටිනා දැව රහසිගතව කැපීමට සැළසුම් කළ සිවු දෙනෙක්‌ කළුතර දිසා අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරගහහේන පොලිස්‌ වසමේ යහලකැලේවත්තේ මෙම දැව  කැපීම සිදුව තිබෙනවා.

ස්‌වයංක්‍රීය කියත් හා උපකරණ උපයෝගී කරගෙන චේ ගුවේරා විසින් රෝපණය කරන ලද ගස ආසන්නයේ පිහිටි වටිනා ගස්‌ කපා දමා ඇතැයි ද චේගුවේරා සිට වූ ගස කැපීමට පෙර එම පිරිස පොලිස්‌ අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය පවසනවා.

1956.08.8 වැනිදා කියුබාවේ සිට පැමිණි චේ ගුවේරා විසින් මෙම වත්තට පැමිණ නවාතැන් ගෙන සිට මෙම මැහෝගනි ගස සිටුවා ඇති අතර  සෑම වසරකම අගෝස්‌තු මස 8 වැනිදා කියුබානු තානාපතිවරයා පැමිණ මෙම ගස අසල මල් තබා චේ ගුවේරා  සිහිපත් කරනු ලබනවා.

එම ස්ථානයේ මීට පෙර ගත් ඡායාරූප පහතින් දැක්වෙනවා.