Friday, September 20, 2024

General line - 0115112241

මහින්දට වෙනත් රටක පුරවැසිභාවයක් නැතිලු 




තමන්ට ස්විට්සර්ලන්තයේ හෝ වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රීණි ගීතා කුමාරසිංහ කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය ඉකුත්දා සඳහන් කළේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයක් ඇති බවයි. 

එම ප‍්‍රකාශය අසත්‍ය බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ.

කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.