Friday, September 20, 2024

General line - 0115112241

අල්ලස් ගත් පොලිසියේ තුන් දෙනෙකු අත්අඩංගුවට




අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව සහ පන්නල පොලිස් ස්ථානවල සේවයේ නියුතු නිලධාරීන් තිදෙනෙක්. 

දංකොටුව - සිංගක්කුලිය ප‍්‍රදේශයේ මාර්ග බාධකයේ සේවය කරන අතරතුර ඔවුන් අල්ලස් මුදල් ලබා ගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. 

ලද තොරතුරකට අනූව මොවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලා.