Friday, September 20, 2024

General line - 0115112241

LTTE සමාජික අංක තහඩුවත් සමග ගිනිඅවියක් සොයා ගනී (PHOTOS)




මඩකලපුව පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරක් අනුව වලච්චෙන පොලිසිය විසින් කැලෑ ප‍්‍රදේශයක වලදමා තිබු සක්‍රීය තත්ත්වයේ ටි 56 ගිනි අවියක්, හිස් පතොරම් ගැබක් සහ එල්.ටි.ටි.ඊ. සාමාජික අංක තහඩුවක් සොයා ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිළධාරින්ට ලැබුනු මෙම තොරතුරු අනුව දින ගණනාවක් ඔවුන් මේ පිළිබඳව පරික්ෂණ පවත්වා පසුව වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලූ නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම ගිනි අවිය ගොඩගෙන තිබෙනවා.

වාලච්චේන පොලිස් බල ප‍්‍රදේශයේ පුනානිපොතාන ප‍්‍රදේ්ශයේ මෙම ටි 56 ගිනි අවිය වලදමා තිබුණා. ඉතා සුරක්ෂිත ලෙස පොලිතීන් කවරයක අසුරා තෙල් ගල්වා මෙම ටි 56 ගිනි අවිය වලදමා තිබු බවයි පොලිසිය සඳහන් කළේ.