Monday, December 23, 2024

General line - 0115112241

විභාග කේන්‍දී‍්‍රය අධ්‍යාපනය වෙනස් කිරීමට සූදානම් - අකිල විරාජ් 




දරුවන්ට න්‍යායාත්මක දැනුම මෙන්ම ජීවිතයේ එළඹෙන විවිධ අවස්ථාවන්ට ප‍්‍රායෝගිකව මුහුණදිම සදහා හොද පුහුණුවක්ද ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙනවා. 

අධ්‍යාපන ක‍්‍රමයේ අරමුණුද ඒ අනුව වෙනස් විය යුතු බවයි ඔහු කියාසිටියේ.

මෙම කරුණුද සැලකිල්ලට ගෙන වත්මන් විභාග කේන්‍ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීමට මේ වනවිට කටයුතු කෙරෙමින් ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම අදහස් පළ කළේ කුලියාපිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීයි.