Monday, December 23, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධාන කරන, ප‍්‍රදර්ශනයක් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී




ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධාන කරන ‘‘ තිරසර ලංකා’’ ජාතික මංගල්‍ය මේ මස 31 වන දින සිට අපේ‍්‍රල් 04 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. 

 ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සමගාමීව මෙම වැඩසටහන සංවිධාන කර තිබෙනවා. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේ මෙය රටක් ලෙස සියලූ දෙනාට එක්විය හැකි අවස්ථාවක් බවයි.

මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙන දින පහ සඳහා තේමාවන් පහක් වෙන් කර ඇති අතර එක් එක් දිනවල වැඩසටහන් සඳහා සහය දැක්වීමට අමාත්‍යංශ ද වෙන්කර තිබෙනවා. 

උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන සඳහන් කළේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා ක‍්‍රියාමාර්ග එළිදැක්වීමක් ද මෙහිදී සිදු කෙරෙන බවයි.

ප‍්‍රදර්ශනය අදාළ දිනයන්හි පෙරවරු 09 සිට රාත‍්‍රී 10 දක්වා පැවැත්වීමට නියමිත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.