බන්ධනාගාර බස් රථයකට කළුතරදී ඉකුත්දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේ සැගව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධ අයෙකු බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.
මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටිනවා.
අදාළ වෙඩි තැබීමෙන් සමයං ඇතුළු රැුදවූවන් පස් දෙනෙකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද මියගියා.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක්ද මීට පෙර අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.