Monday, December 23, 2024

General line - 0115112241

මන්තී‍්‍ර විමල් උපවාසයක් අරඹයි




පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ, දින 73 තමන්ට ඇප ලබා නොදී බන්ධනාගාර ගතකිරීමට විරෝධය පළකරමින්.

ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණයෙන්ද ඊයේ ප්‍රතික්ෂේප වුනා.

මේ අතර විමල් වීරවංශ වෙත ඇප ලබානොදීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රී කණ්ඩායමක් විසින් අගවිනිසුරු කාර්යාලයට ලිපියක් යොමුකිරීමටද නියමිතයි.