Friday, September 20, 2024

General line - 0115112241

නීතිවිරෝධී ලෙස ඇමෝනියා ප‍්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට (PHOTOS)




මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස රැගෙන ආ බව කියන ඇමෝනියා ප‍්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ඒ, මුන්දලම, සින්නපාඩුව ප‍්‍රදේශයේදීයි. උඩප්පුව පොලිස් මුරපොල නිලධාරීන් විසින මෙම වැටලීම සිදු කෙරුණා. 

එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා සහ පුතෙකු බවයි හෙළි වී ඇත්තේ. 

පොලිතීන් උරවල බහා තිබු ඇමෝනියා ග‍්‍රෑම් සියයේ පැකට් හාර දහස් දෙසිය පහක් ලොරි රථයේ තිබී සොයාගැණුනු බවයි පොලීසිය පැවසුවේ.