Monday, December 23, 2024

General line - 0115112241

"මහින්දව පාලනය කරන්න තුරුම්පුවක් තියන් ඉන්නවා"




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ලක් රජය තවත් වසර දෙකක කාලයක් ඉල්ලා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පැමිණීම වැලැක්වීමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

රජය මෙම කාලය ඉල්ලා සිටියේ ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විසදුම් සෙවීමේ දේශීය යාන්ත‍්‍රණය ක‍්‍රියාවට නැංවීම සඳහායි.

කෙසේවෙතත් මේ  පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සඳහන් කරන්නේ "මේ අය මෙම යෝජනාව සම්පූර්ණයෙන්ම පිළිගෙන තිබෙනවා. නමුත් එය ක්‍රියාත්මක කිරීමට වසර 02 ක් ඉල්ලා සිටියා. විදේශ ඇමති මංගල සමරවීර බටහිර රටවල නායකයින්ට ඒ්ත්තු ගන්වා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ යළි මේ රටේ බලය අත්පත් කරගැනීමේ අවධානමක් තියෙනවා කියලයි.. මහින්ද රාජපක්ෂ මේ රටේ යළිත් නායකයා වුණොත් ඔයගොල්ලන්ට ඔහුව පාලනය කරගන්න බැරි වෙනවා... ඒ නිසා ඔයගොල්ලන්ට එයාව පාලනය කරන්න තුරුම්පුවක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ යුද අපරාධ චෝදනාව පිළිබඳ කාරණය අපි කල්දදා පවත්වාගෙන යමු කියලයි." යනුවෙනි.