Thursday, May 2, 2024

General line - 0115112241

නීති විරෝධීව විදෙස් ගත වන ශ්‍රමිකයින් ගැන වගකීමක් ගන්න බැහැ




විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොවී විදේශගත වන ශ‍්‍රමිකයන් සම්බන්ධයෙන් කිසිඳු අවධානයක් යොමු නොකරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.

එවැනි ශ‍්‍රමිකයන්ට විදෙස් රටවලදී කිසියම් අනතුරකට ලක්වුවද වැඩි අවධානයක් යොමු නොවන බවයි ඇය සඳහන් කළේ. 

නීති විරෝධීව විදෙස් ගත වූ පුද්ගලයින් යම් රටකදී අපහසුතාවයකට පත් වුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් අමාත්‍යාංශයට නොමැති බවද එකී විදෙස් රට පවා ඔවුන් වෙනුවෙන් වගකීමෙන් කටයුතු නොකරන බවද සඳහන් කෙරුණා.

කෙසේ වෙතත් විදෙස් රැකියාවලට ගොස් අනතුරට පත්ව සිටින පුද්ගලයින් පිළිබඳව තම අමාත්‍යාංශය හැකි උපරිම අයුරින් අවධානය යොමුකර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.