Friday, September 20, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු අවසන් අදියරට




කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා. 

ගුවන් තොටුපල ප‍්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ ගුවන් පථයේ කටයුතු සහ නවීන විද්‍යුත් සංඥා පද්ධතිය සවි කිරීමේ කටයුතු දැනට අවසන් වෙමින් පවතින බවයි. 

ඒ අනුව අපේ‍්‍රල් මස 05වනදා වනවිට සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර, 06 වනදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කරනු ඇති. 

කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරී මාසයේදීයි.