Friday, September 20, 2024

General line - 0115112241

කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පිපිරීමකින් ගොඩනැගිලි රැසකට හානි




මඩකලපුව කාත්තන්කුඩි කොට්ඨාස එක ප‍්‍රධාන මාර්ගයේ පිහිටි හාල් මෝලක පිපිරීමක් සිදුව තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ හාල් මොලේ ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. 

එම පිපිරීමෙන් හාල් මෝල පිහිටි පරිශ‍්‍රයේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර අවට නිවාස දෙකකට ද හානි සිදුව තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.