Friday, September 20, 2024

General line - 0115112241

නිති විරෝධි ලෙස මත්පැන් පෙරිමට යොදා ගන්නා ගෝඩා ලිටර් 360ක් සමග සැකකරුවකු අත්අඩංගුවට




නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලිටර් 360ක් සමග පුද්ගලයෙකු ගම්පහ උඩුගම්පළ ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ගම්පහ පොලිස් නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුවයි. 

අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පස්වන උඩුගම්පළ ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. 

සැකකරු සතුව තිබී මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගැණුනා. 

සැකකරු ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.