Friday, September 20, 2024

General line - 0115112241

පුත්තලම කොළඹ ප‍්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට




පුත්තලම - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය සෙන්බැට්ට ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. 

ත‍්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ත‍්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා. 

වෑන් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති  බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.