Friday, September 20, 2024

General line - 0115112241

වකුගඩු රෝගයට පැතිර යන මහියංගණයට නාවික හමුදාවෙන් ජල පිරිපහදු යන්ත‍්‍ර




වකුගඩු රෝගය පැතිර යන මහියංගණය, මන්නාරම ඇතුළු ප‍්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා ප‍්‍රති ආශ‍්‍රැත ජල පිරිපහදු යන්ත‍්‍ර 03ක් නාවික හමුදාව විසින් ලබා දී තිබෙනවා. 

මහියංගණය තලාවේගම විද්‍යාලයේ, මන්නාරම ශ‍්‍රී ලංකා නාවික නෞකා ගජබා කඳවුරේ හා නාවික නෞකා බුවනෙක කඳවුරේ ඒවා ස්ථාපිත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. 

මෙමගින් පුද්ගලයින් 1500කට පමණ පානිය ජල අවශ්‍යතා සපුරා ගත හැකි වනු ඇති. 

ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කර්ය සාධන බලකාය විසින් ඊට මූල්‍යාධාර ලබා දී තිබුණා. 

නාවික හමුදාවේ මැදිහත් වීමෙන් මේ දක්වා ස්ථාපික කර ඇති ප‍්‍රති ආශ‍්‍රැත ජල පිරිපහදු යන්ත‍්‍ර සංඛ්‍යාව 170ක්. 

එමගින් පවුල් හැත්තෑ නව දහස් පන්සිය හැත්තෑපහකට සහ පාසල් දරු දැරියන් හැට දෙදහසකට අධික පිරිසකට පානිය ජලය ලබා ගැනීමට හැකි වී තිබෙනවා.