Sunday, September 8, 2024

General line - 0115112241

විමල්ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙනවා. 

මන්ත‍්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍යවරුන් කියා සිටියේ ඔහු මේ වන විට දියර වර්ග පානය කරන බවයි. 

කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා තවදුරටත් ආහාර ගැනිම ප‍්‍රකික්ෂේප කරන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

දින හතරක් උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අද උදෑසන බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා. 

ඔහුට අවශ්‍ය මූලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමද අද උදෑසන සිට ආරම්භ කලා. 

මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ද යොදවා සිටින බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. 

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ වාහන අවභාවිත කිරීමයි. 

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහු ඉකුත් 22 වනදා මෙම උපවාසය ආරම්භ කළ අතර පසුදා සිට ජලය පානය කිරීම ද ප‍්‍රතික්ෂේප කළා.