Sunday, September 8, 2024

General line - 0115112241

ආහාර ප‍්‍රමාදය හේතුවක් වී පුතා මව ඝාතනය කරයි




වැලිගම බටවල ප‍්‍රදේශයේදී පුත‍්‍රයෙකු විසින් සිය මව ගාතනයකරන ලද පුවතක් අද වාර්තා වුණා. 

ආහාර ඉල්ලා, එය ලබා දීම ප‍්‍රමාද වීම ඝාතනයට හේතු වන්නට ඇති බවටයි සැළකෙන්නේ. 

ඒ වන විට ඇය ආහාර පිළියෙළ කරමින් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

පොල්ලකින් පහරදී ඝාතනය සිදු කර තිබුණා. ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ වයස අවුරුදු 75ක්. 

සැකකාර පුත‍්‍රයා හතළිස් හැවිරිදි වියේ පසුවනවා. ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. 

සැකකරු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ අතර ආනමඩුව තෝනිගල ප‍්‍රදේශයේ හෝටලයක් තුළ අද දහවල් සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් ඝාතනයට හේතුවයි. 

ඝාතනය සිදු කළ පුද්ගලයා ප‍්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.