Friday, October 18, 2024

General line - 0115112241

සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනයට යොදා ගත් රිවෝල්වරයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට




පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනය ට යොදා ගත් බවට සැකකෙරෙන රිවෝල්වරයක් සහ උණ්ඩ 07ක් බලපත‍්‍රයක් රහිතව ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, හිඹුටාන ප‍්‍රදේශයේදීයි. සැකකරු හිඹුටාන ප‍්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. 

පසුගිය පෙබරවාරි මස 27 වනා කළුතර ප‍්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථ දෙකකට ප‍්‍රහාරයක් එල්ල වූ අතර එහිදී සමයං ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරුන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් වුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.