Sunday, September 8, 2024

General line - 0115112241

රන් මාල කොල්ලකන තවත් කල්ලියක් කිරුළපනදි අත්අඩංගුවට




රන් මාල කොල්ලකන කල්ලියක් කිරුළපන ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 

ඒ, පුද්ගලයෙකුගේ රන් මාලයක් සහ අත බැඳි රන් පළඳනාවක් කොල්ලකා පළා යමින් සිටියදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 21, 28 සහ 35යන වයස් කාණ්ඩවල පසුවන්නන් වනවා. 

ඔවුන් අළුත් කඬේ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.