Friday, October 18, 2024

General line - 0115112241

බිග් මැච් පෙළපාලි ගිය මහනුවර සිසුන්ටත් පොලිසියෙන් අවවාද - බිමත් ආදි සිසුවෙකු අත්අඩංගුවට




මහනුවර ප‍්‍රදේශයේ පාසල් අතර පැවැත්වෙන වාර්ෂික ක‍්‍රිකට් තරගවලට සහභාගී වීම සඳහා අනාරක්ෂිතව රිය ධාවනය කරමින් වාහන පෙළපාලිකින් ගමන් කළ සිසුන් පිරිසකට මහනුවර පොලිසිය අවවාද කර තිබෙනවා. 

මෙම කණ්ඩායම අතර බිමත්ව අශෝභන ලෙස හැසිරුණු මහනුවර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක ආදි සිසුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අත්අඩංගුවට ගත් ආදි සිසුවා පසුව ඇප මත මුදා හැර තිබූ අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කර ඇතැයි මහනුවර පොලිසිය සඳහන් කළා.

බිග් මැච් සමයේ මගී ජනතාවට හෝ රථ වාහනවලට හිරිහැර වන අයුරින් හැසිරෙන කවර පුද්ගලයෙකුට වුවද නීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.