Friday, October 18, 2024

General line - 0115112241

රුසියානු විපක්ෂ නායකයා අත්අඩංගුවට




රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නැවෙල්නි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මොස්කව් අගනුවර දූෂණ විරෝධී රැළියක් සංවිධාන කිරීම හේතුවෙන්. 

ක්‍රෙම්ලින් මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විරුද්ධව ඍජු අදහස් ප‍්‍රකාශ කරන්නෙකු ලෙස රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නැවෙල්නි ප‍්‍රසිද්ධියක් උසුලනවා. 

අත්අඩංගුවට පත් තමන් සුරක්ෂිතව සිටින බවත් තමන්ව නිදහස් කරගැනීම සඳහා කලහකාරී ලෙස නොහැසිරෙන ලෙසත් විපක්ෂ නායකවරයා සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.