දඹදිව වන්දනාවේ ගිය ශ‍්‍රී ලාංකිකයින් රැගත් නඩයක සිටි තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක කිරිමට සූදානම් බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු දැනටමත් සකස් කර අවසන් බවයි.
මෙම වන්දනා නඩය දඹදිව චාරිකාව සඳහා එක් වී ඇත්තේ නියෝග සහ චක‍්‍රලේඛ කඩකරමින් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒවායේ දැක්වුණේ මාර්තු මාසයේ දඹදිව වන්දනාවේ නොයෙදෙන ලෙසට දන්වා තිබූ බවයි.
එම වාර්තා සම්බන්ධයෙන්ද නෙත් නිවුස් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසිමක් කළා.
මෙම නඩය ඉන්දියාව බලා රැගෙන ගොස් ඇත්තේ කෑගල්ල ප‍්‍රදේශයේ වන්දනා චාරිකා සංවිධාන කරන ආයතනයක්.
අදාළ ආයතනය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් අමාත්‍යංශ ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේගෙන් විමසිමක් කළා.
මෙහිදී ජීවිතක්ෂයට පත් වූයේ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු හා මාතර වලස්මුල්ල ප‍්‍රදේශයේ පදංචි අවිවාහක පුදුගලයෙක්.
ඔවුන්ගේ දේහයන් මේ වන විටත් මෙරටට රැගෙන විත් අවසන්. ඉන් එක් කාන්තාවකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.
කෙසේ වෙතත් මිය ගිය අයගේ ඥාතීන් පවසන්නේ මෙම මරණ සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ලෙස නවදිල්ලි නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී ඇති බවච මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.