Friday, September 20, 2024

General line - 0115112241

වැලිවේරියේ නිවසකට ගිනි ඇවිලී කාන්තාවක් මියයාම ගැන පොලිස් පරීක්ෂණයක්




වැලිවේරිය කිරිකිත්ත ප‍්‍රදේශයේ නිවසකට ගිනි ඇවිලීමෙන් එහි සිටි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

පිළිස්සුම් තුවාල ලැබූ අදාළ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 

ඇය 74 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්. මහේස්ත‍්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා. 

මේ අතර සීදුව ප‍්‍රදේශයේ කලපුවක තිබී නාඳුනන මල සිරුරක් සොයා ගැණුනා. 

ඒ, 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි. 

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.