Friday, September 20, 2024

General line - 0115112241

නින්දට බාධා කරන ප‍්‍රධාන පෙලේ සෞඛ්‍ය ගැටළුවකට හේතුව හෙළි වෙයි




නින්දෙන් අවදි වී විටින් විට මූත‍්‍රා කිරීමට සිදු වන හේතුව අනාවරණ කර ගැනීමට ජපාන වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. 

මෙම රෝගී තත්වය හැඳින්වෙන්නේ ‘‘නොක්ටූරියා’’ නමින්.  

වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් ඊට වැඩි වශයෙන් ගොදුරු වනවා. 

රාත‍්‍රී කාලයේ මුත‍්‍රා කිරීම සඳහා අවදි වීමට සිදු වීමෙන් ආතතිය, විඩාබර ගතිය හා නුරුස්නා ගතිය ඇති වීමට  හේතුවන බවයි අනාවරණ කරගෙන ඇත්තේ. 

වෛද්‍යවරුන් පවසන්නේ එවැනි පුද්ගලයින් ගන්නා ආහාරවල ලූණු ප‍්‍රමාණය අඩු කිරීමෙන් මීට විසඳුමක් ලබාගත හැකි බවයි. 

ස්වෙච්ඡාවෙන් සහභාගී වූ 300කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයකින් මෙම කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.