Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිගේ හදිසි කැදවීමෙන් මහඇමතිවරු කොළඹට




ජනාධිපතිවරයා සමඟ අද (27) පැවැත්වෙන සාකච්ඡාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි සියලූ පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරුන් සහභාගී වනු ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා. 

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ කැඳවීමක් යටතේයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් සභා හතේ මහ ඇමතිවරුන් හා පළාත් අමාත්‍යවරුන් ද මෙම සාකච්ඡාවට ආරාධනා ලැබ ඇති බවයි ඔහු කියා සිටියේ. 

කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා කෙරෙන කරුණු පිළිබඳ මෙතෙක් නිශ්චිත දැනුවත් වීමක් නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමක දී දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ප‍්‍රකාශ කළේ. 

රාත‍්‍රී 07ට මෙම සාකච්ඡුාව පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදීයි. 

ඊට බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, උතුරුමැද, වයඹ හා ඌව යන පළාත්වල ප‍්‍රධාන අමාත්‍යවරුන්ට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.