Friday, September 20, 2024

General line - 0115112241

අනිද්දා කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි - අත්හිටුවන වේලාව මෙන්න




අනිද්දා පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා. 

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. 

මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්. 

කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන ප‍්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවනවා. 

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් මීට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.