Friday, September 20, 2024

General line - 0115112241

බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට හොරු පනී - අපරාධ රැසක ලිපි ගොනු අතුරුදන්




බලපිටිය මහාධිකරණයේ ලේඛණගාරයට කිසියම් පිරිසක් නීති විරෝධීව ඇතුළු වී එහි තිබූ ලිපි ලේඛන සොරාගෙන ගොස් තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ලේඛනාගාරයේ මිනී මැරුම් සහ අපරාධ රැසකට සම්බන්ධ වැදගත් ලිපි ගොනු රැසක් තිබූ බවයි. 

ඒවායින් කොටසක් සොරා ගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. 

එහෙත් එම ලිපි ලේඛන සම්බන්ධ නිවරැදි තොරතුරක් මෙතෙක් අනාවරණ වී නැහැ. 

සොරා ගෙන ගොස් ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් මේ වනවිට අම්බලන්ගොඩ පොලිසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. 

ඒ සඳහා පොලිස් සුනඛයින්ගේද සහය ලබා ගැනීමටයි පියවර ගැණුනේ.

මහාධිකරණය පිටුපස පිහිටි තාප්පයෙන් පැන ලේඛනාගාරයේ ජනේලයකින් ඊට ඇතුළු වී මෙම ලිපිගොනු පැහැර ගෙන ඇති බවටයි මේ දක්වා සිදු කර ඇති මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.