Friday, September 20, 2024

General line - 0115112241

ප‍්‍රබල සුළි කුණාටුවකින්  ඕස්ටේ‍්‍රලියාවේ ජන ජීවිතයට බාධා




ප‍්‍රබල සුළි කුණාටුවකින්  ඕස්ටේ‍්‍රලියාවේ ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. 

එරට වේලාවෙන් හෙට උදෑසන සුළි කුණාටුව රටට ඇතුළු වනු ඇති.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසෙන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ උතුරුදිග ප‍්‍රදේශයටයි. 

ඒ අනුව එහි ජනතාවට සිය නිවාසවලින් ඉවත්වන ලෙසට දැනටමත් දැනුම් දී අවසන්.

ක්වින්ස්ලෑන්ඞ් වෙරළ තීරයෙන්  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වනු ඇතැයි විශ්වාස කෙරෙන මෙම සුළි කුණාටුව සිව්වන මට්ටමේ සුළි කුණාටුවක්. 

එමගින් පැයට කිලෝමීටර් 230කට අධික සුළං ධාරාවක් හටගනු ඇති බවටයි අනාවැකි පල කර ඇත්තේ.