Friday, September 20, 2024

General line - 0115112241

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි 




අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග අද දහවල් පැවති සාකච්ඡාවේදී තම ගැටලූවලට විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා එකඟ  වූ බවයි. 

වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

 දිස්ත‍්‍රික් පරීක්ෂක යාන්ත‍්‍රිකවරුන් සඳහා ආවරණ නිලධාරීන් පත් කිරීමේ තීරණය අහෝසි කිරීමට ද අමාත්‍යවරයා එකඟ  විම නිසා වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩගේ සඳහන් කළේ.