Friday, September 20, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට 




අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කර්නල් මංජුල කාරියවසම් තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. 

ඒ, අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් විභාග කිරිමට අවසර ලබා දෙමින්. 

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රිඩා අධ්‍යක්ෂවරයා ලෙස යුද හමුදා නිළධාරියෙකු පත් කිරීම නුසුදුසු බවයි අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.