Friday, September 20, 2024

General line - 0115112241

 ‘‘කොම්ස්ටොක්‘‘ යුද නෞකාව අද කොළඹට 




අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘‘කොම්ස්ටොක්‘‘ යුද නෞකාව අද කොළඹ  වරායට ළඟා  වුණා. 

ඒ, පුහුණු සංචාරයක් සඳහායි. 

ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප‍්‍රදයානුකූලව මෙම නෞකාව පිළිගනු ලැබුවා. 

එහි අණ දෙන නිළධාරි, කමාන්ඩර් බ‍්‍රඩලි කොලෙට්ටි සහ බටහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල අතර සාකච්ඡාවක්  පැවති බවයි නාවික හමුදාව නිවේදනය කළේ. 

දින 04ක කාලයක් මෙම නෞකාව සහ අමෙරිකානු නාවික කිළධාරීන් දිවයිනේ රැඳී සිටිනු ඇති.