Friday, September 20, 2024

General line - 0115112241

 විමල් බැලීමට එන පිරිස සීමා කෙරේ 




වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා පැමිණෙන පිරිස සීමා කිරීමට  බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ පැවසුවේ ඊයේ දිනයේදි බන්ධනාගාර රෝහල වෙත විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

ඒ අනුව පවුලේ ඥාතීන් තිදෙනෙකු සඳහා පමණක් උදෑසන අටේ සිට පස්වරු හතරයි තිහ දක්වා බන්ධනාගාර රෝහල වෙත පැමිණිය හැකියි. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ මන්ත‍්‍රීවරුන්ට ද පැමිණය හැකි අතර ඒ උදෑසන අටයි තිහේ සිට සවස පහ දක්වා කාලය ඇතුළත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ.