Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන තරගය අද 




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (28)පැවැත්වෙනවා. 

තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ බංග්ලාදේශයයි. 

ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳ  තවදුරටත් බලාපොරොත්තු තබා ගැනිමට නම් ශ‍්‍රී ලංකාව අද පැවැත්වෙන තරගය ජයගත යුතුම වනවා. 

රන්ගිරි දඹුල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයේදී දහවල් දෙකයි තිහට මෙම තරගය අරම්භ කිරිමට නියමිතයි. 

මේ අතර, මෙම තරගයට  දිල්රුවන් පෙරේරා ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා. 

ඒ, පුහුණු වීම් අතරතුර ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි. 

මීට අමතරව නුවන් කුලසේකර සහ නුවන් ප‍්‍රදීප් ද ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.