උත්සව සමය ළඟ එන බැවින් බඩු මිල වැඩි නොවී පවත්වා ගැනිමට ආණ්ඩුව දැන් සිටම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
වෙළඳපොළේ ප‍්‍රමාණවත් තරම් සැපයුමක් නොමැතිව ඇතැම් ද්‍රව්‍යවලට පාලන මිලක් නියම කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර නෙත් නිවුස් කළ වෙළඳ පොළ අධ්‍යයනයකදී පෙනී ගියේ විශේෂයෙන්ම පොල් මිල ඉකුත් සතිය තුළ තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
සාමාන්‍ය ප‍්‍රමාණයේ පොල් ගෙඩියක මිල ඇතැම් ප‍්‍රදේශවල මේ වන විට රුපියල් 80 පමණ දක්වා වැඩි වී තිබෙනවා.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටියේ පොල්, පොල් තෙල්, සහල්, අර්තාපල්, ලූණු සහ එළවළු ඇතුළු ආහාර කාණ්ඩයේ මිල වැඩි වීම පෙබරවාරි මාසයේ උද්ධමනය ඉහල යාමට ද හේතු වූ බවයි.
පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට අටයි දශම දෙකක් ලෙස සටහන් වී තිබෙනවා.