Friday, September 20, 2024

General line - 0115112241

රාජ්‍ය විශ්වවිද්‍යාලවල තවමත් සිසු පුරප්පාඩු දහසක්




රාජ්‍ය විශ්වවිද්‍යාලවල 2015 - 2016 බඳවා ගැනිම් සඳහා කවදුරටත් පුරප්පාඩු දහසකට වැඩි ගණනක් ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. 

මෙම පුරප්පාඩු පිරවීමට වගකිවයුත්තන් ප‍්‍රමාණවක් වුවමනාවක්ද නොදක්වන බවයි එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර කියා සිටියේ. 

පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරිමට ආණ්ඩුවට නැවත බල කර සිටින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

රාජ්‍ය විශ්වවිද්‍යාලවල 2015-2016 බඳවා ගැනිම්  සදඟා පුරප්පාඩු රැසක් පවතින බව නෙත් නිවුස් ඉකුත් 22 වනදා උදෑසන 6.25 ප‍්‍රවෘත්ති ප‍්‍රකාහයෙන්ද අනාවරණ කළා. 

ඒ, අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බල මණ්ඩලය ද උපුටා දක්වමින්. 

මේ අතර පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරිමට මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තවත් නොවිසඳුණු ගැටලූ කිහිපයකටද විසඳුම් ලබා දීමට ආණ්ඩුවට බල කරමින් අද පා ගමනක්ද  සංවිධාන කර තිබෙනවා. 

කොළඹ පිහිටි සෙන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් තව නොබෝ වේලාවකින් ආරම්භ කරන මෙම පාගමන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ගමන් කිරීමට නියමිතයි.