Friday, September 20, 2024

General line - 0115112241

බිග් මැච් හේතුවෙන් මෙරට මත්ද්‍රව්‍ය භාවිතය සහ වෙළඳාම ඉහළට - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි




බිග් මැච් හෙවත් පාසල් මහ ක්‍රිකට් තරග හේතුවෙන් මෙරට මත්ද්‍රව්‍ය භාවිතය සහ වෙළඳාම ඉහළ ගොස් ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. 

ජාතික විද්වත් සංඝ සභාව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ තමන් මීට පෙර මේ පිළිබඳව සිදු කළ ප්‍රකාශයන් නොසලකා හරිමින් දිවයින පුරා එවැනි සදාචාර විරෝධී ක්‍රියා දක්නට ලැබුණු බවයි. 

මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි පොලිසියෙන් ප්‍රශ්නකරන බව උන්වහන්සේ මෙහි දී සඳහන් කළා.