Friday, September 20, 2024

General line - 0115112241

මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන නාවික හමුදා නිළධාරීන් තිදෙනා අතුරැදන්




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩු තීන්දුව මගින් මුදා හැරුණු නාවික හමුදා නිලධාරීන් තිදෙනා සිටින ස්ථානයක් පිළිබඳ විමර්ශනයකර අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද නියෝග කළා.

ඒ අදාළ නාවික හමුදා නිළධාරීන් තිදෙනා මේ වනවිට සිටින ස්ථානයන් පිළිබඳ නොදන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි. 

අදාළ  නඩුවෙන් විත්තිකරුවන් නිදහස් කිරීමට එරෙහිව නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණයේ දී අද කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණා. 

එහි දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ එහි වගඋත්තරකාර නාවික හමුදා සෙබළුන් සිටින ස්ථාන නොදන්නා බැවින් ඔවුන්ට නොතීසි භාර දීමට නොහැකි වූ බවයි. 

ඔවුන් සිටිනා ස්ථාන පිළිබඳ විමර්ශනයකර වාර්තාවක් ලබා දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ඒ අනූවයි. 

එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ජූනි මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්න ලෙස ද මෙහිදී නියෝග කෙරුණා.