Friday, September 20, 2024

General line - 0115112241

රුපියල රැක ගන්න ඩොලර් මිලියන හාරදහස් තුන්සියයක් නාස්ති කළ බවට ආණ්ඩුවට චෝදනා




හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සඳහා යෝජිත ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට හානි සිදුවන බව හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් පවසනවා. 

ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන හාරදහස් තුන්සියක සංචිත නාස්තිකර ඇති බවයි. 

එම වියදම සිදු නොකළේ නම් හම්බන්තොට වරාය විකුණා දැමීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.