Friday, September 20, 2024

General line - 0115112241

නව සතොස අළෙවි සැල් 52 ක් විවෘත කෙරේ




ලංකා සතොස අළෙවිසැල් ජාලය දිවයින පුරා තවදුරටත් කි්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ යටතේ සතොස අළෙවිසැල් ජාලයේ ශාඛාවක් කොහුවල නගරයේදී ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ විවෘත කෙරුණා. 

ඊට සමගාමීව සතොස අළෙවිසැල් 52 ක් අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

දැනට දිවයින පුරා සතොස අළෙවිසැල් 380 ක් පවතින අතර මෙම වසර අවසාන වනවිට එය 500 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක‍ෂාවයි. 

උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩු මිළට පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල කි්‍රයාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.