පාසල් සංවර්ධන සමිතියට අදාළ මුදල් එකවර නොගෙවීම හේතුවෙන් සිසුන් සිව්දෙනෙකුට මෙවර වාර විභාගයට පෙනී සිටීමට පාසල් බලධාරීන් අවස්ථාව ලබානොදුන් පුවතක් මහනුවර ප්‍රසිද්ධ පාසලකින් වාර්තා වුණා.
සිසුන්ගේ දෙමව්පියන් පැවසුවේ වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන අවස්ථාවේ මුදල් නොගෙවූ සිසුන් පන්ති කාමරවලින් ඉවත් කර ඇති බවයි.
පාසල් සංවර්ධන සමිතියේ ගාස්තු ලෙස එක් සිසුවෙකු එකවර රුපියල් හයදහස් දෙසිය පනහක මුදලක් ගෙවිය යුතු බව විදුහල්පතිවරයා දැනුම්දී ඇති බවද දෙමව්පියන් සදහන් කළා.
අදාළ ළමුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව යළි ලබාදෙන ලෙස මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යකෂ ඩබ්ලිව් එම් විජයරත්න එම පාසලේ විදුහල්පතිවරයාට දැනුම්දීමක් කර ඇති බවද සදහන්.