Saturday, September 21, 2024

General line - 0115112241

දුම්රිය හරස් මාර්ග ගේට්ටු කි‍්‍රයාත්මක වීමේදී මතුව ඇති දෝෂයක් හේතුවෙන් ප‍්‍රදේශවාසීන් පීඩාවට




පානදුර ශී‍්‍ර ගුණරත්න මාවත සහ සාගර මාවතේ දුම්රිය හරස් මාර්ග ස්වයංකී‍්‍රය ගේට්ටු කි‍්‍රයාත්මකවීමේදී මතුව ඇති දෝෂයක් හේතුවෙන් තමන් පීඩාවට පත්ව ඇති බව ප‍්‍රදේශවාසීන් පවසනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ දුම්රියක් ගමන් කිරීමට දිගුවේලාවකට පෙර සිට එම ස්වයංකී‍්‍රය ගේට්ටු වැසෙන බවයි. 

ඒ හේතුවෙන් එම මාර්ගවල මෙන්ම අවට මාර්ගවලද රථ වාහන තදබදයක් නිරන්තරයෙන් ඇති වන බවද ප‍්‍රදේශවාසියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.