Saturday, September 21, 2024

General line - 0115112241

මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ නෙත් එෆ් එම් බැලූම්ගල හෙළිදරව්ක්




ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනෙන් ඊයේ (28) හෙළිදරව් කෙරුණා.  

සම්පත් නාරංගොඩ නැමැති එම පුද්ගලයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හෝ සිය අමාත්‍යංශයේ සේවය කරන අයෙකු නොවන බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සඳහන් කළේ. 

එම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් කේ කේ අතකෝරල පැවැසුවේ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන්  ලැබුණු පැමිණිලි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබු බවයි. 

මෙම පුද්ගලයා අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු බවද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.