අද උදෑසන නවයේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.
මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ සහ රත්මලාන ප්‍රදේශයේ ද ජල සැපයුම එම කාලසීමාව තුළ අත්හිටුවනු ඇති.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.