Saturday, September 21, 2024

General line - 0115112241

සයිටම් වෙනුවෙන් පෙනී සිටින බලවේගය මෙන්න




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රැක ගැනීමට ප‍්‍රබල දේශපාලන බලවේගයක් කි‍්‍රයාත්මක බව එහි ප‍්‍රධාන විධායක නිලධාරිවරයාට වෙඩි තැබීමේ සිද්ධියෙන් ඔප්පු වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. 

සයිටම් අධ්‍යාපනය පෞද්ගලිකරණයේ කඩඉමක්ද? සමාජ කැරැල්ලක පෙර නිමිත්තක්ද? මැයෙන් ජාතික විද්වත් සභාව සංවිධාන කර තිබූ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

මෙම ගැටලූව විසදා ගැනීම සිසුන්ට පමණක් භාර නොදී වැඩිහිටියන් පෙරමුණ ගතයුතු බවද අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.

කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකරද මෙම සමුළුව ඇමතුවා. 

අවිධිමත් ලෙස වෘත්තිකයන් බිහි කිරීමෙන් ඇතිවන ගැටළුවක් පිළිබද නීති ක්‍ෂේත‍්‍රයේ උදාහරණයක් දක්වමින් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.