Saturday, September 21, 2024

General line - 0115112241

පුද්ගලයන් රට යවන බව පවසා මුදල් වංචා කළ අයෙකු මොරටුවේදී අත්අඩංගුවට




පුද්ගලයන් විදේශගත කරන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැක කටයුතු ලෙස හැසිරුණු මෙම පුද්ගලයා මොරටුව තැපැල් කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

සැකකරු පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ජාතික හැදුනුම්පත් දෙකක්ද සොයාගෙන තිබෙනවා. 

පසුව කෙරුණු ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු පුද්ගලයන් විදේශගත කරන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවෙකු බවයි.